ජගත් ලියනආරච්චි
1979 අංක 48 දරණ ත්‍රස්ථවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කිරීම හා නව ත්‍රස්තාවාදය වැළැක්වීමේ නීතියක් ස්ථාපනය කිරීම සදහා ර්‍ණත්‍රස්ත විරේධී පනත් කෙටුම්පත” 2023 මාර්තු මස 22 වන දින ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධියට පත්කර ඇත.
එම කෙටුම්පත පිළිබද කෙටි විවරණයක්.
ත්‍රස්ත විරෝධි නීති ඉතිහාසය
ශ්‍රි ලංකාව ත්‍රස්ත ක්‍රියා සම්බන්ධව මුල් කාලීනව නීතිමය ප්‍රතිපාදන සලසාගනු ලැබූයේ 1947 අංක 25 දරණ මහජන ආරක්‍ෂක පනත යටතේය. මහජන ආරක්‍ෂක පනත යනු ත්‍රස්ථ විරෝධී නීතියක් නොවේ යම් ආකාරයක ජාතික ආපදාවක් හෝ ව්‍යයසනයක් ඇතිවූ විට එයට මුහුණදීම සදහා විධායකය වෙත තාවකාලිකව අතිරේක බලයක් ලබාදෙන නීතිමය රාමුවකි. එය ත්‍රස්ත විරෝධී නීතියක් නොවුවද එම පනත යටතේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කර ඒ යටතේ හදිසි අවස්ථා නියෝග පනවා ඒ මගින් ත්‍රස්ත ක්‍රියා ලෙස රජය හදුනාගත් ක්‍රියාකාරකම් නැවැත්වීමට මෙන්ම එයට අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා විමර්ශන පැවැත්වීම මෙන්ම එම සංවිධාන තහනම් කිරීම සදහාද මෙම පනත යටතේ වූ හදිසි නීති රෙගුලාසි භාවිතා කරන ලදී. 1971 කැරැල්ල මර්ධනය කිරීම සදහා භාවිතා කරන ලද්දේ මහජන ආරක්‍ෂක පනත යටතේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කර හදිසි නීති රෙගුලාසි පනවා පොලිසියට හා ආරක්‍ෂක අංශ වෙත අතිරේක බලතල ලබාදීමයි.
1978 වසරේදී උතුරේ ක්‍රියාකාරකම් උග්‍රවන විට පාර්ලිමේන්තුව විසින් 1978 අංක 16 දරණ ද්‍රවිඩ ලංකා විමුක්ති කොටි හා වෙනත් සමාන සංවිධාන තහනම් කිරීමේ පනත සම්මත කරන ලදී. එය ශ්‍රි ලංකා ඉතිහාසයේ සම්මතවූ පලමු ත්‍රස්තවිරෝධී පනත ලෙස හැදින්විය හැකිය.
පසුව 1979 ජූලි මාසයේදී එකී පනත අහෝසි කරමින් 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ(තාවකාලික විධිවිධාන) පනත සම්මත කරන ලදී. අද දක්වා පවතින්නේ බලාත්මකව පවතින්නේ මෙම තාවකාලික විධිවිධාන පනතයි. මෙම පනත වසර 3ක කාලයක් සදහා පැනවූවද 1982 වසරේදී පනතට ගෙන එන ලද සංශෝධනයක් මගින් පනත ස්ථිර පනතක් බවට පත් කරන ලදී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත සම්බන්ධයෙන් පවතින විචේචන
මෙම පනත සම්බන්ධයෙන් වූ මූලික විරෝධයන් වන්නේ
■ පනත යටතේ වන වැරදි පිළිබද ප්‍රතිපාදන ඉතා පුලුල් ලෙස අර්ථ නිරූපනය කල හැකි බැවින් සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක විය හැකි අවස්ථාවන් වලදීද ආරක්‍ෂක අංශ මෙම පනත යොදාගෙන එමගින් පුරවැසියන් පීඩාවට පත් කිරීම
■ ප්‍රකාශන පාලනය පිළිබදව පවතින විධිවිධාන ඉතා දැඩිලෙස මාධ්‍ය නිදහස සීමා කිරීම
■ සහකාර පොලිස් නිලධාරියකුට ඉහල පොලිස් නිලධාරියකුට සිදුකරන පාපොච්චාරණයක් එම පුද්ගලයාට එරෙහිව සාක්‍ෂියක් ලෙස යොදා ගතහැකිවීම
■ අත් අඩංගුවට ගන්නා පුද්ගලයා මාස 18ක් දක්වා රදවා ගැනීම සදහා නියෝග නිකුත් කිරීමේ බලය ආරක්‍ෂක විෂය භාර අමාත්‍යවරයාට හිමිවීම හා එය අධිකරණයකදී ප්‍රශ්න කල නොහැකී වීම
■ නඩු නිමාවන තෙක් ඇප ලබාදීමේ බලයක් නොමැති වීම. මේ නිසා නඩු නොපවරන ලද පුද්ගලයන් රැසක් අද දක්වාම රිමාන්ඩ් භාරයේ පසුවෙයි
පසුව 2022 වර්ෂයේදී මෙම පනතට සිදුකරණ ලද සංශෝධනයන් මගින් වර්ෂයකට පසුව ඇප ලබාදීම සදහා නීතිමය ප්‍රතිපාදන ලිහිල් කරන ලදී
නව ත්‍රස්තවිරෝධි නීතියක් ගෙන ඒම පිලිබද සංවාදය
මහින්ද රාජපක්‍ෂ රජය සමයේදී පත් කල එල්එල්ආර්සී කොමිසන් සභාවේ නිරීක්‍ෂණ රැසක් මගින්ද අද පවතින නීතියේ අඩුපාඩුකම් දක්වන ලදී. එසේම 2015 සැප්තැම්බර් මාසයේදී ජිනීවා හි පැවති මානව හිමිකම් සැසියේදී සම්මත වූ යෝජනාවලියේද නව පනතක අවශ්‍යතාව අවධාරණය කෙරිනි. එසේම 2017-2021 ශ්‍රි ලංකා මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේද නව පනතකද අවශ්‍යතාව අවධාරණය කරන ලදී.
පසුව 2018 සැප්තැම්බර් 14 වනදින පැවති රජය විසින් මෙම නීතිය අහෝසි කරමින් නව නීතියක් සම්මත කිරීම සදහා ර්‍ණත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත” නමින් කෙටුම්පතක් ගැසට් පත්‍රයේ පලකරන ලද අතර එය 2018 ඔක්තේබර් 09 දින පලමු කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එකී පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාකූලභාවය පිලිබදව ප්‍රශ්නකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පාර්ශව 7ක් යොමුවූ අතර ඒ පිලිබදව වූ ීක් ීෘ 41/2018 සිට 47/2018 දක්වා පෙත්සම් විභාගකල ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ එකී පනතේ වගන්ති 4ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පවතින ආකාරයෙන්ම සම්මත කිරිමටනම් පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය බවයි. එසේම එකී වගන්ති සම්බන්ධ විකල්ප ප්‍රතිපාදන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු තීන්දුවේ දක්වා තිබිණි. ඒ අනුව පනත් කෙටුම්පත එවකට පැවති රජය අකුලා ගන්නා ලදී.
නව පනත් කෙටුම්පතේ ප්‍රධාන අංග
නව කෙටුම්පත පිලිබදව නීතිමය විග්‍රහයක් සිදුකිරීමේදී එකී පනතේ ප්‍රධාන අංග පිලිබදව අවධානය යොමුකල යුතුය.ඒ අනුව කෙටුම්පතේ අරමුණු, පනතේ අදාලතාව, ත්‍රස්ථවාදය පිලිබද වරද, විමර්ශණය කිරීමේ ක්‍රියාවලිය, අත් අඩංගුවට ගැනීම සහ රදවාතබා ගැනීම,නඩු පැවරීම, පනත යටතේ නිලධාරීන්ගේ බලතල සහ කාර්යයන්, ශ්‍රී ලංකා පොලිසියේ විශේෂිත ත්‍රස්ත විරෝධී නියෝජ්‍යායතනය, විශේෂ විමර්ශන බලතල,අපරාධ නඩු කල් තැබීම පිලිබද නීතිපතිවරයාගේ බලය, ජනාධිපතිවරයා විසින් තහනම් නියම නිකුත් කිරීම, සමාලෝචන මණ්ඩලයක් පත් කිරීම වැනි ප්‍රතිදාන මෙම පනත් කෙටුම්පතේ මූලිකාංග වේ.
පනතේ අරමුණ
ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත දී සිදුකරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින් ශ්‍රි ලාංකික ජනතාව ආරක්‍ෂා කිරීමද ශ්‍රි ලංකා භූමිය සහ ජනතාව ත්‍රස්ථවාදී කටයුතු සදහා යොදාගැනීම වැළෑක්වීම ද, ත්‍රස්ථවාදී ක්‍රියා පිලිබදව විමර්ශණ පැවැත්වීම, අත් අඩංගුවට ගැනීම සහ නඩු පැවරීම පිණිස විධිවිධාන සැලසීම මෙන්ම 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කිරීමද මෙම පනත ගෙනඒමේ අරමුණ බව පනත් කෙටුම්පත ආරම්භයේම දක්වා ඇත.
එසේම පනත් කෙටුම්පතේ පූර්විකාවේ දක්වන අන්දමට ශ්‍රී ලංකාවේ ස්වරීභාවයට ත්‍රස්ථවාදය තර්ජනයක් වී ඇති බැවින්ද, ශ්‍රි ලාංකික සහ ජාත්‍යන්තර ප්‍රජාවේ යහපත පිණිස ත්‍රස්ථවාදය වැළැක්වීම රජයේ වගකීමක් වන බැවින්ද, ජාත්‍යන්තර ගිවිසුම් අනුව ත්‍රස්ථවාදය වැළැක්වීමට රජයට වගකීමක් පැවරී ඇති හෙයින්ද,ත්‍රස්තවාදයට එරෙහිව අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රමය සාධාරණ සහ යුක්තිසහගත ලෙස අදාළ කරගැනීමට වගබලා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රී ලංකා රජය සැලකිලිමත් වන හෙයින් ද මෙම පනත සම්මත කරන බව දක්වා ඇත.
ත්‍රස්ථවාදය නැමති වරද
මෙම පනත් කෙටුම්පතේ වඩාත් තීරණාත්මකම කරුණ වන්නේ ත්‍රස්ථවාදය නැමති වරද අර්ථ නිරූපනය කර ඇති ආකාරයයි. ඒ අනුව
■ මිණීමැරීම
■ බරපතල තුවාල සිදුකිරීම
■ ප්‍රාණ ඇපයට ගැනීම
■ පැහැරගැනීම හෝ අපහරණය
■ පොදු/පුද්ගලික ප්‍රවාහන පද්ධතිකයකට පරිසරයට දැඩි අලාභානි සිදුකිරීම
■ අත්‍යවශ්‍ය සේවා සැපයීමකට බාධා කිරීම
■ රජයේ හෝ පුද්ගලික දේපල කොල්ලකෑම
■ ශ්‍රි ලංකාවට පවරාදී ඇති ඉලෙක්ට්‍රොනික් පද්ධතියකට.පරිඝනක පද්ධතියකට හෝ ජාලයකට හෝ වෙබ් අඩවියකට බරපතල හානි සිදුකිරීම
■ ආගමික හෝ සංස්කෘතික දේපළ විනාශ කිරීම
■ විදුලි සංදේශ පද්ධතියකට හානි සිදුකිරීම
■ ඉහක කාර්යයන් සිදුකරන සිදුවීමක සාමාජිකයන් වීම
■ අවසරයක් නොමැතිව ගිණි අවි,පුපුරණ ද්‍රව්‍ය රැස් කිරීම
මෙම ක්‍රියාවන් සිදුකරන්නේ
(අ) මහජනතාව හෝ එහි යම් කොටසක් බිය ගැන්වීමේ අරමුණින් යුතු වත
(ආ) යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් යොමු කිරීමේ අරමුණින් යුතුවත
(ඇ) එවැනි යම් ආණ්ඩුවක් විසින් කටයුතු ඉටු කිරීම නිතිවිරෝධී ලෙස වැළැක්වීමේ අරමුණින් යුතුවත හෝ
(ඈ) ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම හෝ එහි ස්වෛරීබව කඩ කිරීමේ අරමුණින් යුතු වත හෝ
(ඉ) යුද්ධයක් සම්ප්‍රචාරය කිරීමේ හෝ වෙනස්කොට සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩත්වයට
පෙළඹවීමක් සංස්ථාපනය වන ජාතික, ජනවාර්ගික හෝ ආගමික වෛරීභාවය අධිවාචනය කිරීමේ අරමුණින් යුතුව,
නම් එය ත්‍රස්ථවාදී ක්‍රියාවක් බව පනත් කෙටුම්පතේ 3වන වගන්තියේ සදහන් වේ. එසේම මෙම වැරදි සදහා මරණීය දණ්ඩනය දක්වා දඩුවම් ලබාදිමේ ප්‍රතිපාදන පවතී.
මේ අනුව මෙම ත්‍රස්ථවාදය නැමති වරද ඉතා පුලුල් ලෙස අර්ථ ගන්වා ඇති බව පැහැදිලි වේ. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවා සැපයීමකට බාධා කිරීම හෝ එම ක්‍රියාවලියක සාමාජිකයකු වීම ත්‍රස්ථවාදය නැමති වරද සිදුකරන බවට හදුනාගන්නේ නම් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරන ලද සේවාවක් හා සම්බන්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ද ත්‍රස්ථවාදය නැමති වරද සිදුකරන බවට චෝදනා නැගීමේ වැඩි සම්භාවිතාවක් පවතී.
එසේම දණ්ඩ නීති සංග්‍රහයේ පවතින සාමාන්‍ය අපරාධයන්ද ත්‍රස්ථාවාදී වරදක් ලෙස අර්ථ ගන්වා මෙම පනත යටතේ ක්‍රියාත්මක වීමේ අභිමතය මෙමගින් පොලිසියට හිමිවේ.
එයට අමතරව කෙටුම්පතේ 6 වන වගන්තිය දක්වන්නේ තහනම් කරන ලද ත්‍රස්ථවාදී සංවිධානයක සාමාජිකයකුවීම, එවැනි සංවිධානයක කටයුතු කිරීමද වරදක් බවයි. යම් සංවිධානයක් තහනම් සංවිධානයක් බවට නම් කිරිමේ බලය ජනාධිපතිවරයා සතුව පවති (82 වන වගන්තිය).
එසේම කෙටුම්පතේ 10 වන වගන්තියට අනුව ත්‍රස්ථවාදය දිරිගැන්වීම වරදක් වන බව දක්වයි. එසේම එම වගන්තිය විස්තර කරන අකාරයට ත්‍රස්තවාදය පිලිබද වරදක් සිදුකිරීමට දිරිගන්වන ප්‍රකාශයක් මාධ්‍යයක පලකිරීම වරදක්වන අතර 10(5) වගන්තිය දක්වන්නේ එම ක්‍රියාවට යම් තැනැත්තෙකු අනුමැතිය ලබාදී නොමැති බව මහාධිකරණයකදි ඔප්පු කරන්නේ නම් ඔහුට විරුද්ධව මෙම චෝදනා නැගිය නොහැකි බවයි. මෙමගින් නඩුවේ ඔප්පු කිරීමේ භාරය මාරුවීමක් සිදුවන බව පැහැදිලිය. එය නිර්දෝෂීභාවයේ පුර්ව නිගමනයට පටහැනි ප්‍රතිපාදනයකි.
කෙටුම්පතේ 11 වන වගන්තිය අනුව ත්‍රස්ථවාදි ප්‍රකාශ ප්‍රචාරය කිරීම වරදක්වන අතර එහිදීද එම ප්‍රකාශ පල කිරීමට යම් තැනැත්තෙකු අනුමැතිය ලබාදී නොමැති බව හෝ එහි ත්‍රස්ථාවදය පිලිබද ඔහුගේ අදහස් ඇතුලත් නොවන බව මහාධිකරණයක ඔප්පු කරන්නේ නම් මෙම වරද යටතේ වරදකරු නොවන බව දැක්වේ. මෙම ප්‍රතිපාදනයද නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට පටහැනි ප්‍රතිපාදනයකි. එසේම කෙටුම්පතේ 15වන වගන්තිය දක්වන්නේ යම් ත්‍රස්ථවාදී ක්‍රියාවක් පිලිබදව දැනගෙන තොරතුරු පොලිසියට ලබා නොදීමද වරදක් බවයි.
පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිව පොලිස් නිලධාරියකුට සන්නද්ධ හමුදා නිලධාරියකුට හෝ වෙරළ ආරක්‍ෂක නිලධාරියකුට අත් අඩංගුවට ගැනීමේ හැකියාව ඇත(19 වගන්තිය) . දැනට ක්‍රියාත්මක වන ත්‍රස්ථවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ ප්‍රතිපාදන අනුව ත්‍රස්තවාදි ක්‍රියාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ලිබිත නියෝගයක් මත උප පොලිස් පරීක්‍ෂකවරයකුට හෝ ඉහල නිලධාරියකු විසින් අත් අඩංගුවට ගැනිම සිදුකල යුතුය.
විමර්ශන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් නව නීතියේ යෝජිත විශේෂතා
යෝජිත නීතිය මගින් ත්‍රස්ථ විමර්ශනය සදහා ර්‍ණවිශේෂත්‍රස්තවිරෝධි නියෝජිතායතන” නමින් විශේෂ ඒකකයත් ශ්‍රී ලංකා පොලිසිය තුල ස්ථාපනය කරනු ලබයි. එය පොලිස් සම්ප්‍රදායිකව පොලිස් පුහුණුව ලැබූ නිලධාරීන්ට අමතරව නීති විශාරදයින්,තොරතුරු තාක්‍ෂණය, වෝහාරික වෛද්‍ය විද්‍යාව වැනි විවිධ විෂයන් පිලිබද ප්‍රවීනයන්ගෙන් සමන්විත වනු ඇත. එසේම විමර්ශන කාර්යයන් සදහා රජයේ විවිධ ආයතනවල සෘජු සහය ලබාගැනීම සදහා ප්‍රතිපාදන සලසා ඇත. එමෙන්ම විමර්ශන කටයුතු සදහා අවශ්‍යවන නියෝග නිකුත් කිරීම සදහා වන මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය සීමාකර පොලිස් අධිකාරිවරයකුගේ ඉල්ලීම මත එකී නියෝග නිකුත් කල යුතු බවට ප්‍රතිපාදන ඇතුලත් කර ඇත.
අත්අඩංගුවට පත්වූවන්ගේ ආරක්‍ෂා කිරීම පිලිබද ප්‍රතිපාදන
ත්‍රස්ථාවදී ක්‍රියාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයන් පැය 48ක් තුල මහේස්ත්‍රාත් වරයකුට ඉදිරිපත් කිරීමේ අතවශ්‍යතාව, වෛද්‍යපරීක්‍ෂණයකට භාජනය කිරීමේ අවශ්‍යතාව, අත් අඩංතුවට ගැනීම පිලිබදව ඥාතීන්ට දැනුම්දීමේ අවශ්‍යතාව, මෙන්ම පැය 72ක් තුල ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම්දීමේ අවශ්‍යතාව පිලිබද ප්‍රතිපාදන සලසා ඇත.එමගින් සැකරුවන්ගේ අයිතිවාසිකම් මෙන්ම මෙම පනත වැරදි ලෙස යොදාගැනීමට අවම කිරීමේ හැකියාවක් පවතී.
එමෙන්ම නඩු පැවරීමකින් තොරව අත් අඩංගුවේ තබාගත හැකි කාලය උපරිම වශයෙන් වසරකට සීමා කිරීමෙන් සැකකරුවන්ගේ අයිතීන් මෙන්ම විමර්ශකයින්ගේ වගකීම්ද අවධාරණය කරයි. ඒ අනුව අත් අඩංගුවට පත්වූවන් සම්බන්ධව රාජ්‍ය පාර්ශවයට පවතින වගකීම පවතින නීතියට වඩා වැඩි කර ඇත.
රැදවුම් නියෝග මත රදවා තබාගැනිම
පොලිස් ස්ථානාධිපතිවරයකුගේ ඉල්ලීමක් මත මාස 3ක් දක්වා රදවා ගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිවරකුට පවතින අතර මාස 3න් පසුව රැදවුම් නියෝග දීර්ඝ කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයකුට ඇති අතර උපරිම වශයෙන් මාස 12ක් දක්වා රැදවුම් නියෝග මත පුද්ගලයකු රදවා තබාගත හැකිය. පවතින නීතියට අනුව රැදවුම් නියෝග නිකුත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පවතින අතර එය උපරිම වශයෙන් මාස 18කි. ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යවරයාට තිබූ රැදවුම් නියෝග ලබාදීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පැවරීමට මෙම කෙටුම්පත මගින් යෝජනා කරනු ලැබේ.
අපරාධ නඩු අත් හිටුවීම හෝ කල් තැබීම
යම් ත්‍රස්ථවාදී ක්‍රියාවකට සම්බන්ධ පුද්ගලයන්ට විරුද්ධව නඩු පැවරීම අත් හිටුවීමට හෝ කල්තැබී සම්බන්ධ විශේෂ බලතල පනතේ 71 වගන්තිය මගින් නීතිපතිවරයාට පවරා ඇත.
ප්‍රසිද්ධ ස්ථාන තහනම් කිරීමේ බලතල
කෙටුම්පතේ 62 වන වගන්තියට අනුව පොලිස් අධිකාරිවරයකුට නොඅඩු නිලධාරියකුට ලැබුන තොරතුරක් මත අන්තරාවක් වැලැක්වීම හෝ හානි සිදුවීම වැළැක්වීම සදහා යම් ප්‍රදේශයකට පුද්ගලයන් ඇතුලුවීම වැළැක්වීම, එම ප්‍රදේශයෙන් පුද්ගලයන් ඉවත් කිරීම, මාර්ගයක ගමන් කිරීම වැලැක්වීම, ප්‍රවාහනය වැලැක්වීම වැනි නියෝග නිකුත් කල හැකිය. මෙම ප්‍රතිපාදනය පොලිස් ඇදිරිනීතිය පැනවීමකට සමාන තත්වයකි.
සංවිධාන තහනම් කිරීමට ජනාධිපතිට ඇති බලතල
කෙටුම්පතේ 82 වන වගන්තිය දක්වන්නේ යම් සංවිධාන සහ ඒවායේ ක්‍රියාකාරකම් තහමනම් කිරීමේ බලය ජනාධිපතිට පැවරෙන බවයි. 84 වන වගන්තිය දක්වනේ ලංකාවේ කොටසසට හෝ ලංකාව මුලුල්ලේම ඇදිරිනීතිය පැනවිමේ බලය ජනාධිපිට පවතින බවයි. 85 වගන්තිය දක්වන්නේ යම් තහනම් ප්‍රදේශ නම්කිරීමේ බලය ජනාධිපතිට පවතින බවයි.
නියෝග සහ විධාන නිකුත් කිරීමට ජනාධිපතිට ඇති බලතල
පනතේ ප්‍රතිපත්ති සහ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සදහා නියෝග පැනවීමේ බලතල කෙටුම්පතේ 98 වන වගන්තියේ දක්වන අතර මෙම නියෝග ගැසට් පත්‍රයේ පලකල යුතු අතර මාසයක කාලයක් තුල පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය.
එසේම කෙටුම්පතේ 99 වන වගන්තිය දක්වන්නේ පනත යටතේ නිළධාරීන්ට කටයුතු කල යුතු ආකාරය පිලිබදව විධාන පැනවීමේ බලතල පවතින බවයි.
පනත අනෙක් නීති අභිබවා ක්‍රියාත්මක වන බව
මෙම පනතේ ප්‍රතිපාදන සමග වෙනත් නීතියක ප්‍රතිපාදන අතර ගැටීමක් ඇතිවන්නේ නම් එකී ප්‍රතිපාදන අභිබව මෙම පනතේ ප්‍රතිපාදන වෙනත් අභිබවා ක්‍රියාත්මක වන බව 101 වගන්තිය දක්වයි.
ත්‍රස්ථාවාදී ක්‍රියා වැළැක්වීම පිලිබද ප්‍රතිපාදන
ත්‍රස්ථවාදය ක්‍රියා වැළෑක්වීම සදහා පොලිස් නිලධාරීන්ට හා ත්‍රිවිධ හමුදාවට මෙන්ම වෙරළාරක්‍ෂක බලකායටද වගකීම් පවරා තිබේ. ශ්‍රි ලංකාවේ හෝ වෙනත් රටක ආරක්‍ෂාවට තර්ජනයක් ඇති වන අයුරින් ක්‍රියාකරන සංවිධාන හා ඒවායේ බැංකු ගිණුම් තහනම් කිරීම, අරමුදල් රැස්කිරීම් තහනම් කිරීම් වැනි තහනම් නියමයන් පැනවීමේ බලතල අමාත්‍යවරයාට පවරා ඇත. එසේම ඉහත කී කාර්යයන්ට අදාලව යම් යම් කාර්යයන් සීමා කිරීමේ නියෝගයන් පැනවීමේ බලයද අමාත්‍යවරයාට පවරා ඇත.ජනාධිපතිවරයාට ඇදිරි නීතිය නියම කිරීමේ බලය ස්ථාන තහනම් කිරීම දේපළ තහනමට ගැනීම, වැනි වැළැක්වීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සදහා බලධාරීන්ට බලයලබාදී ඇත.
සමාප්තිය
මෙම කෙටුම්පතේ පවතින ප්‍රධාන ගැටලුව වන්නේ ත්‍රස්ථවාදී වරද අර්ථ නිරූපනය පිලිබදව පවතින පුලුල් බවයි. එමගින් කිසිදු ත්‍රස්ථ ක්‍රිියාවක් සිදුකිරීමේ අරමුණකින් තොරව කටයුතු කරන වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් මෙන්ම පවතින රජයේ ක්‍රියාකාරකම්වලට එරෙහිව කටයුතු කරන සමාජ ක්‍රියාකාරීන්ද ත්‍රස්ථවාදීන් ලෙස සලකා කටයුතු කිරීමේ ඉහල අවධානමක් මෙම කෙටුම්පතේ ප්‍රතිපාදන අනුව ඇත. එසේම ත්‍රස්ථාදී ක්‍රියාසම්බන්ධව අත් අඩංගුවට ගැනීමේ පිලිබදව බලතල පොලිසියට ත්‍රිවිධ හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවටද පවරා ඇත. . එසේම රැදවුම් නියෝග නිකුත් කිරීමේ බලතල පොලිස් අධිකාරිවරයකුටද පවරා ඇත. එමෙන්ම විමර්ශණ බලතල සම්බන්ධව පොලිස් නිලධාරීන්ට විශාල අභිමතයක් පවරා ඇති අතර විමර්ශණවලට අදාල නියෝග නිකුත් කිරිමේදී මහේස්ත්‍රාත්වරයාගේ අභිමතයද සීමා කර ඇත. ජනාධිපතිවරයාට ඇදිරි නීතිපැනවීමේ බලය ස්ථාන තහනම් කිරීමේ බලතල මෙන්ම සංවිධාන තහනම් කිරිමේ බලතලද පවරා ඇත.
මෙම කෙටුම්පත මගින් අත් අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආර්ක්‍ෂා කිරීම සදහා යම් යම් ප්‍රතිපාදන සලසා ඇති බවද පිලිගත යුතු අතර එම ප්‍රතිපාදන පවතින නීතියට වඩා සාදනීය වේ. විශේෂයෙන්ම පවතින නීතිය යටතේ පොලිසියට සිදුකරන පාපොච්ඡාරණය ඔහුට එරෙහිව යොදාගැනීම පිලිබද ප්‍රතිපාදන මෙම කෙටුම්පත මගින් සාධනීය ලෙස සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.
නමුත් සමස්ථයක් ලෙස ගත් කල පවතින නීතියට වඩා භයානක ප්‍රතිපාදන මෙම පනත් කෙටුම්පත තුල ඇතුලත් කර ඇත.
ජගත් ලියනආරච්චි jagathliyanarachchi@gmail.com යන ලිපිනයෙන් සම්බන්ධ විය හැකි නීතිඥවරයෙකි.